යටගිය දවස ඉහත කී දනෝ සරසවි දෙවි සරණ ලබන කල රුවන්පුර ඇම්ඩාණන්ගේ නිවසේ පැවැති ඇම්ඩාණන්ගේ බාල අක්කන්ඩියගේ සරණබන්ධනෝත්සවය වෙනුවෙන් ඇම්ඩාණන්ගේ සරසවි සගයන් වූ ගිණියාණන් (ගින්නාණන් නොවේ), සිරිමලුන් ද සමග ඇම්ඩා හා ඉතාමත් කුළුපගවූ කොක් තෙමේ සැරසිලි, ආහාරපාන, මධ්‍යපාන ආදී කර්මාන්තයෙහි ඉතා නොමද උපකාර කලහ. එහිදී මෙයාකාරයෙන් මවෙත උපකාරවූවන් වෙත තෙමේද නොමසුරුවැ ආධාරවෙම්මැයි ඇම්ඩාණන්ද ඉටාගත්හ.
මෙලෙස කොක් තෙමෙගේ සරණෝත්සවය වෙත මුල් භාගයෙහි පැමිනි උක්කුවාණන් පොදු රථ උපකාරකොටගෙනැ පැමිනි ඇම්ඩාණන්ගෙන් "ඇම්ඩ, නුඹ යළි නිවෙස කරා කෙසේදැ"යි විමසීය. එකල්හි ඇම්ඩාණන් "සිය රිය හසුරාගෙන පැමිනීමට නියමිත වලාණන් වහ වහා සාද විඩා ලබන බැවින් මා හට රථාචාරී වීමට ඇරයුම් කලා"යි පැවසීය.
![]() |
ඒ කෙසේද. යත්, යටගිය දවස ඉහත කී පිරිස ද්විතීක සතර හදාරන කල්හි රාගම ග්‍රාම වාසී බකුවානන්ගේ නිවසෙහි අවමංගල්‍යයක් යෙදුනි. සියල් සිතැති මහරු ගුණැත්තා වූ එතුමාණන්ගේ නිවසෙහි කටයුතු වෙනුවෙන් සරසවියෙන් අඩක් පමනැ එගෘහය වටා උන්හ. සකල වාද්‍ය භාණ්ඩයනට ප්‍රවීන වූ ප්‍රවියා මානවකයන් සිය හැකි පමණින් සහය වනු වස් සිය බට්ටා රථයෙහි නැගී පැමින අනේක කර්මාන්තයනට ඇවෑමෙන් මඳ විරාමයක යෙදුනේය. එකල්හි මතුවූ තවත් කරතව්‍යයක් අරබයා "මානවකය, සල්පිල වෙත යාම් ඊම් සඳහා රථය හැසිරවියමැනවැයි" අයෙක් වීමසීය. විඩාබරිත මානවක තෙමේ "සබඳ, කොල අහිංසක තෙමේ රතාචාරී බව මම දනිමි. ඔහු හා මාගේ රථයේ යනු මැනවැයි" කීය. යහපතියි ගිවිසගත් හෙතෙම එඅවසරෙන්. නික්මුනහ.

මද වේලාවකින් අක්වක් සෙයියාවෙන් තුන්රෝද රියක් පැමිනෙනු නෙත්ගැටී ප්‍රවියා මානවකයානන් සිය සගයන වෙත අපහසෙක් සේ "මේ එන තුන්රෝද රියේ රථාචාරී තෙමේ වීථියෙන් යානොහී කාණුවක වැදහොත්තාවූ බට්ටා රථය කාගේ වීදැයි විමසුවහොත් කෙසේවීදැයි" වීමසීය. අහෝ ආශ්චර්යයකි! තුන්රෝද රථාචාරී තෙමේ ගෙන ආ පුවත එයමය. එසමයෙහි සිට සියල්ලෝ අහිංසකතෙමේ යකැදුරු යකුන් දුරු කරන්නනාසේ රියැදුරුවනබැව් සිහිදැරූහ.
එසේ තතු පැහැදූ මනාකොට පුවත් පහදන්නා බැවින් "කතන්දර ආතා" ගරු නමැත්තාවූ උක්කු පඬිතෙමේ එහිවූ දනෝ සොම්නසින් සුඛිත මුදිත කලහ෴
