"## කෙල්ලෙක්, අර මනුස්සයා මෝටර් සයිකලයෙන් බැස්සුවාට පස්සෙයි ඒ පැන්නේ."
දවල් අම්මත් සමග ගෙදර එන අතරේ මා ඒ තරුණ යුවතිය බොහොම අමාරුවෙන් බේරාගත්තේ පෙර පිණකිනි. ඉන් පසුව පිටවුනු මගේ සුසුමට පිළිතුරු දෙමින් අම්මා පෙර වදන් පෙළ කීවේ කේන්තියකින් නොව කණස්සල්ලෙනි. ඒ ඇසූ සැනින් මගේ හිතටද බර ගතියක් දැනුනි. ඒ මන්ද යත් ඇයගේ ඒ විසිරී ගිය කෙස් කළඹත්, අවුල් වූ ඇඳුමත්, යතුරු පැදියේ මගියාගේ පෙනුමත්, එක්වනම පාර නොබලාගෙනම එහෙත් සෙමෙන් පාර හරහා ගිය ඇගේ රූමත් එහෙත් අඳුරු මුහුණත්, පෙර කී වදන් සනාත කරවීය.
උපතින් සොයුරියන් දෙදෙනෙකුගේ බාල සොහොයුරා වීම 'ගැහැණු ළමයෙකු' කියන දේ ඇති බර කුඩා කල සිට නිතැතින් මට දැනෙන්නට සලස්වන්නට ඇති බව මම හඟිමි. අනේ කුඩා කල සැමට සොම්නස බෙදා පුළුන් රොදක් දේ සිනහසෙමින් සැහැල්ලුවෙන් සිටින ඇයට, 'සමාජය විසින් කෙමෙන් සිරුර පුරා ඔඩුදුවන පිළිලයක් කරවූ' මල්වර වීම යන මොහොතක සතුට කොතරම් ඇයව පීඩාවට ලක් කරනවාද? අහෝ අර සතුට නිදහස සදාකාලිකව ඇයව හැරයන හැටි.
අර යුවතියද එවැනි දරුවෙක්ව සිටින්නට ඇති නේද, ඒ දරුවාගේ සිතෙහි කොතරම් බලාපොරොත්තු තියෙන්නට ඇතිද, ඇය තුලින් ඇගේ දෙමවුපියන් කොතරම් හීන දකින්නට ඇත්ද, ඈ නව යෞවනියක හා තරුණියක ලෙස කෙතරම් සිහින දකින්නට හා දකිනවා ඇතිද, ඇයගේ අනාගතය කොතරම් අඳුරක්ද වැනි කරුණු මාගේ මනස තුල හොල්මන් කරමින් තව තවත් මාව පෙළන්නට විය. අනේ කොතරම් දුක්කි:ත ජීවිතයක්ද? ඇය කොතරම් නම් මිනිසුන්ට සාප කරමින් හඬනවා ඇත්ද? ඇයගේ කඳුළු කතාව කෙසේ බිහි වන්නට ඇත්ද?
සොයුරියනි, තාත්තා ඇරෙන්න කිසිඳු පිරිමියෙකු පමනට වඩා විස්වාස නොකරන්න. සිය පෙම්වතා හට කොතරම් ආදරේ වූවත් සුදුසු නුසුදුසු දෑ ගැන සැලකිලිමත් වන්න. අවංකව ආදරේ කරන කිසිඳු පිරිමියෙකු ඔබගේ සිරුර බලාපොරොත්තු නොවන අතර කිසිඳු අයුරකින් හෝ තමන්ගේ ඇවෑමක් සිදුවුවද ඔබට ගෞරවනීය ලෙස ජීවත්වියහැකි සේ කටයුතු කරයි(පියා බඳු ආදරයක් දක්වයි). එබැවින් තම දිවි වෙනුවෙන් ඇවැසි විට ඕනෑම කෙනෙකුට එරෙහි වන්න. සැම විටම ස්වකීය ආරක්ෂාව සලසාගැනීම ගැන අවධානයෙන් සිටින්න, නව කරුණු ගැන දැනුවත් වන්න. විවාපත් වූ පසු ඔබගේ සැමියාට මනා ලෙස (සුදුසු ලෙස) සලකමින්, වදන් සහ හැසිරීම ගැන සැලකිලිමත් වෙමින් පවුල ආරක්ෂා කරන්න. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මා ප්‍රිය මිතුරනි, සැමවිටම ඇයට ගරු කරන්න, රැකබලාගන්න. සමාජයේ සිදුවන මේ වැරදි වලට අප සැම දෙනාම වගකිවයුතුය.
No comments:
Post a Comment