"අම්මටසිරි! මෙන්න friendship request එකක්!! කෙල්ලෙක්ද දන්නේ නෑ." පැතුම් ගොඩ ගසමින් බලන කල ගොඩේ ගොඩය, අසිරිය මරුය, කෙල්ලෙකි!!! "නගා මම එනවා" කියා හදවත කීරි ගැසි ගැසී ඇම්ඩානන් ඇගේ රූප බලන්නට විය. අැය ඇත්තෙන්ම රූමත්ය. එහෙත් තවත් ඉදිරියට යනකල ඇය 'ඇම්ඩා සිතනයුරින්' ඇම්ඩාට වඩා රුවෙන් අඩු කොලුවෙකු සමග වෙලී සිටිමින් ගත් සේයාරුවක් දිස්විය.අහෝ මා හට සුරස ඵල නැත යැයි කියමින් ඇම්ඩානන් ශාලිත අබේවික්‍රමයන්ගේ ගීයකින් කොටසක් ගයමින් එම profile එකෙන් ඉවත් විය.
"අඩේ මගේ නොටිපිකේසොං (notifications) ටික බැලුවෙත් නෑනේ" යැයි කියමින් ඇම්ඩානන් බලන කල වහපු මිත්‍රයන්(material එකක් කියනවා'close friends') පාට පක්ෂ වෙනුවෙන් බුර බුරා නගන බිරිල්ල මැද්දෙන් මිත්‍රයෙකු නව රථයක් ගෙන ඇත. "හරි සන්තෝශයි මචං" යනුවෙන් ටයිප් කලද 'අනේ මගේ රිය පරණයි නේද යනුවෙන් ඇම්ඩානන් කණගාටුවිය.
"ගඟ ගාවට ආපු එකේ මූණ හෝදන්නවත් එපායැ යැයි" මෙන් ඇම්ඩානන් පුවත් කැවීම් ("semi lunar valve" එකට අඩ සඳ කපාටය කියුවානම් news feed වලට මෙහෙම කිවුවට මොකෝ?) බලන්නට විය. විසිතුරු රූප අතරේ මෙන්න මිතුරන් පිරිසක් පාටිියක් (සමාවෙන්න සාදයක්) දමා ඇත. "අනේ අපි කාලෙකින් මෙහෙම එකතු වුනේ නෑ නේ" යැයි ඇම්ඩානන් කනගාටු විය. "මෙන්න අරූ ට්‍රිප් එකක් (මෙතනින් එහාට අනවශ්‍ය පරිදි සිංහල කිරීමට වැඩිය මහන්සි නොවෙමි.) ගිහිල්ලා" ඇම්ඩානන් තවත් පීඩිත විය. "අනේ මට කතා කරේ නෑ නේ" යැයි සිතමින් තවත් පහලට යන විට දන්න කියන, ඇහැට කනට පේන (කනට පෙනෙන කියන්නේ Dare Devil ට වගේ වෙන්න ඇති) තරුණියක් "In a relationship" (අන්තතර්ජාලයට එන්න සාක්ෂරතාවයක් තියෙනවා නම් මේක කියවන්න බැරි වෙන්න බෑ) ලෙස දමා ඇත. "අනේ දෙවියනේ" කියමින් ඇම්ඩානන් විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාගේ ගීයක් මුමුනන්නට විය.
මෙසේ පහලට යන කල ගැබා මල්ලි බ්ලොගයක් දමා ඇත. එය කියවන කල ඇම්ඩානන්ගේ සිංහල ගතිය මතු විය. "ඌ මිනී පෙට්ටි සාප්පුවක් දැම්මා නම් මාත් දානවා" යැයි සිතමින් ඇම්ඩානන් බ්ලොග් ගල් කපන්නට සිතුවේය.....
ප.ලි. 1 ලෝකෝත්තර නොවන ලෞකික ජීවිතයේ ඇලී සිටින අප හට නිතැතින්ම හීනමානය නම් වූ මානසික රෝගය වැළඳීම ඉතාමත් ස්වභාවිකය. එය ඉරිසියාව තෙක් ඔඩු දිවීමට යා නොදී මෛත්‍රී සිතෙන්සතුටු වීමෙන් සිතට සහනයක් ලැබෙනු ඇත. කෙසේ වුවද ඔබගේ ජංගම දුරකථනයෙන් සැරින් සැරේ Facebook යාම හීනමානයෙන් ඔබව පීඩාවට පත් කිරීමටද, අමතකවීම් වලටද, කාලය කා දැමීමටද හේතු විය හැක. එම නිසා notifications ක්‍රියා විරහිත කොට සිටීමෙන් මනස ප්‍රබෝදමත් කරනු ඇත.
ප.ලි. 2 ගැබා මල්ලිගේ රසවත් බ්ලොග් පිටු මගේ සිතට මහත් අස්වැසිල්ලකි. මල්ලියේ, තව තව ලස්සන ලිපි ලියන්න උඹට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න ඕන.
ඇම්ඩන් අයියේ අදයි දැක්කේ අයියගේ වැඩේ , පංකාදුයි ! මට shout out එකක් දීම ගැන ගොඩක් ස්තුති :D දිගටම ලියන්න , ජයවේවා !
ReplyDeleteවැරදි ඇතිනම් කියලා දෙන්න ඕන මල්ලියෝ :)
Deletefollower gadget එකත් දාන්ඩෝ
ReplyDelete